අලුත් අවුරුද්දේ ලියන මුල්ම පෝස්ට් එක..ඊට කලින් කාටත් "සුභ අලුත් අවුරුද්දක් වේවා" කියලා ප්රාර්ථනා කරනවා
පහුගිය ටිකේම වැඩිපුර කතා උනු සිද්ධියක් අල්ලලා මේක ලියන්න හිතුනා.
මේ අවුරුද්දේ ඉදලා විවාහ රෙජිස්ටාර් ගාස්තුව රු 5000 කරලා..ඒ උනාට විවාහ වෙන්නේ රෙජිස්ටාර් කන්තෝරුවේ නම් පරණ ගානටම ,ඒ කියන්නේ රු 1000 රෙජිස්ටර් වෙන්න පුලුවන්.මේ 400% වැඩිවීම
වෙන්නේ නිවෙස් වල හොටෙල් වල වගේ පිටත සිදු කරන ඒවට..මේ රු 5000න් 3500ක් රජයටත් ඉතිරි 1500 විවාහ රෙජිස්ටර්ටත් යනවා.දැන් නම් කට්ටිය හිතනවා ඇති විවාහ රෙජිස්ටාර් කෙනෙක් උනා නම් කියලා
ලංකාවේ දිනකට විවාහ 500 විතර රෙජිස්ටර් වෙනවලු..එයින් 30%ක් පිටත සිදුකාරන ඒවා..
මුලින්ම මම පොඩි ප්රශ්නයක් අහන්නම්..අද කාලේ මගුල් ගෙදරක් පවත්වන්න කොච්චර විතර මුදලක් යනවද? කියන්න ඕනේ නෑනේ පට්ට ගානක් යනවනේ..කවුරුත් ගොඩක් දේවල් කරන්නේ සමාජයට පෙන්නන්නනේ..විවාහය ඒ වගේ දෙයක් වෙලා.. ණය වෙලා හරි ජයට මගුල් කෑවොත් මහ ලොකු
මිනිස්සු කියලා හිතන් ඉන්නවා...
මම කියන්නේ ලක්ෂ ගනන් වියදම් කරලා මගුල් කන්න පුලුවන්නම් ඔය රු 5000 මොක්ක්ද? ඔන්න මම දැන් ආණ්ඩුවට කඩේ යනවා කියලා කියන්න එපා හරිද?
අද කාලේ මගුලක "තිතට මත" නේ.ඒ කියන්නේ මත්පැන් තමා අංක එක..ඔය රු 5000ට මත්පැන් බෝතල් 2,3 විතර ගන්න කොට එවරයි.. (ඔන්න මම නම් බෝත්ලයක ගාන වත් දන්නේ නෑ..)
මත්පැන් වලටම බර බජට් එකක් යනවා..ඒ බීලත් අන්තිමට රණ්ඩු වලින් එවර වෙන මගුල් කොච්චර තියෙනවද ? අන්තිමට නෑයෝ නොනෑයෝ වෙනවා මුල්ම දවසෙම..
මත්පැන් වලට විතරක් නෙමෙයි තව කොච්චර බොරු සෝබන ඒවට වියදම් කරනවද? ඉතින් ඔය විදියට බැලුවොත් රු 5000 නම් දැනෙන එකක් නැතිවෙයි
දැන් ඉතින් බලයි දුප්පත් අය කොහොමද 5000 හොයන්නේ කියලා..එක නිසා තමයි රෙජිස්ටර් කන්තෝරුවේ විවාහ වෙන අයට මුදල වැඩි කරලා නැත්තේ..ලොකුවට උත්සව ගන්නේ නැති අයට මෙක
බලපාන්නේ නෑ..ඔන්න ඕක තමා සීන් එක..මේක හොදද නරකද කියලා ඔයාලා තීරණය කරන්න
දැන් මේ කේස් එකත් එක්ක මතක් වෙච්ච ඩෙයක් කියන්නම්..අද කාලේ කවුරුත් බලන්නේ තියන ලොකුම විදියට මගුලක් ගන්න,,කව්ද ඔය සල්ලි වලින් භාගයක් අඩුවෙන් මගුල අරන් ඉතිරි මුදල රණවිරු සුබසාධනය වගේ දේකට යොදවන්නේ..රටටත් සෙවයක් වෙනවනේ...
මර්ක් සබර්බග්ස් කියන්නේ කව්ද කියලා අහල නැති කෙනෙක් නැති තරම්..එතරම් සල්ලි කාරයෙක් උනත් තම විවාහ උත්තවය ඉතාම චාම් ලෙසනේ පැවැත් උනේ..
දැන් නම් මේක කියවලත් කම්මැලි ඇති..පොඩ්ඩක් හිතලා බලන්න කියපුවා ඇත්තද බොරුද කියලා..
එහෙනම් කාටත් ජය !









ලිවිංග් ටොගෙදර් හොදයි වගේ
ReplyDeleteඉස්සරහට එහෙම වෙයිද දන්නේ නෑ
Delete