Saturday, December 29, 2012

විසිරුණු මල් පෙති


අද දවස පටන් ගත්තෙම දුක හිතෙන නිව්ස් වලින්..මුලින්ම ලංකාවට ආදරය කල ක්‍රිකට් විස්තර විචාරක ටොනි ග්‍රෙග් මහතාගේ හදිසි අභාවය අහන්න ලැබුණා...ඊට පස්සේ නිතර කතා බහට ලක්වුණ දිල්ලියේදී 
දූෂණය උන  ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවගේ අභාවය...
දැන් මම ලියන්න යන්නේ ඉන්දියානු සිද්දිය ගැන නම් නෙමේ..ඒ ඇසුරින් මට හිතෙන දේවල් ටිකක් .

දැන් මුලු ඉන්දියාවම පාරට බැහැලා උත්ගෝශණ කරනවා..මාධ්‍ය වලිනුත් කතා කරන්නේ ඕක ගැනමයි
සමහරවිට ඔය සිද්දිය තව ටික දවසකින් කාතත් අමතක වෙලා ,වෙන සිද්දියක් ගැන කතා කරාවි..ඕක තමා මනුස්ස ස්වාභාවය..දැන් ලංකාවෙත් සෑහෙන කතා කරනවානේ..එකේ වැරැද්දක් නෑ,,එත් හැමදාම 
වෙන්නේ මොකක් හරි උනාම මහ හයියෙන් කතා කරන එක..වෙන්න කලින් මුකුත් නෑ..ඔය ඉන්දියාවේ දූෂණය උන පළමු ගැහැණු ලමයා නෙමෙයිනේ..තව කොච්චර වෙනවා ඇත්ද? ලංකාව ගැන ගත්තත් ඔය 
ටිකම තමා..දැන් පුදුම වෙලා වගේ මගේ දිහා බලන්න එපා..ඇත්ත ඒක තමා..

ලංකාවේ සිදුවන ස්ත්‍රී දූෂණ වලින් බහුතරයක් සමාජයට නිරාවරණය වෙන්නේ නෑ..ලංකාව කියන්නේ අනිත් යුරෝපා රටවල් වගේ නෙමේනේ..සංස්කෘතියක් තියන රටක්..ගොඩක් අය මෙහෙම දෙයක් උනාම එක පොලීසියට කියන්නේ නැතුව ඉන්න බලනවා..අපේ සමාජය එහෙම ගෑණු ලමයෙක් දිහා බලන්නේ අමුතු විදියට..ඒ පවුලටත් එහෙමයි..හැබැයි මිනිහෙක් මරලා හිරේ ගිහිල්ලා සාක්ශි නැතුව මාස 6න් ඇප පිට ආවම ඒ කෙනා දෙවි කෙනෙක් වගේ සැලකිලි..ඔන්න ඕකයි ඇත්ත..

තවත් ඒවා වාර්තා උනත් අපරාද කරුවන් නිදහස් වෙනවා පහසුවෙන්ම..සල්ලි බලයෙන් වගේම දේශපාලන බලයන් නිසාද ඔවුන් නිදහස් වෙනවා..පසුගිය කාලවල ගොඩක් එවා උනේ ප්‍රාදේශීය "දේශපාලුවන්" නිසා ..නැවතත් කෙටි කාලයකින් පරණ තනතුරුම ලැබිලා නිදහස් වෙනවා..ඉතින් අර ලමයට තමා අසාධාරණය..

ඔහොම එකක් ඇහුවම කවුරුත් කියන්නේ "මරණ දඩුවම දෙන්න ඕනේ"  "පණ පිටින් තියන්න ඕන වැඩැක්ද කරලා තියෙන්නේ" ඔහොම එක එක කතා කියනවා..කොහොම උනත් ඔය අයට මීට වඩා නීති වැඩි කරලා නිසි දඩුවම් දෙන්න ඕන සාමාජයට පාඩමක් වෙන්න..ඒ අපරාධකාරයන්ට මොන දඩුවම් දුන්නත් දූෂණය උන ලමයගේ ජීවිතේ අයේ කාටද දෙන්න පුලුවන්...ඒක නිසා වෙන්න කලින් නවත්තගන්න අපි බලන්න ඕන..

ගොඩක් ඔය වගේ සිද්දි වලට හේතුව දෙමාපියන්ගේ නොසැලකිල්ල..ලංකාවේ ගොඩක් ඒවට හේතු වෙන්නේ සමීප ඥාතීන් අතින් වන දූෂණ..තවත් හේතුවක් තමයි ලමයි හිතුවක්කාරව වැඩකිරීම (තංගල්ලේ සිද්දිය උනේ ඒ ලමයා ගෙදරින් තරහ වෙලා ගිය නිසානේ)..

හැබැයි දෙමාපියන්ට ලමයි ගැන සැලකිල්ලෙන් ඉන්න කිව්වට මට මේකේ ලියන්නත් බැරි තරම් පිලිකුල් දෙවල් ලංකාවේ වෙනවනේ..තමන්ගේ ලෙයින් ඉපදුනු ලමයව දූෂණය කරන තාත්තලා ගැන අහන්න ලැබෙනවානේ..එහෙම අයට නම් තාත්තා කියන්නේ සුදුසු නෑ..

අවුරුදු 2500 ඉතිහාසයක් තියෙන,බුදු දහම තියන රටක මෙහෙම දේවල් අහන එකත් වෙලාවකට පුදුමයි.
ලංකාවේ උනත් ඔහොම සිද්දියක් උනාම මාධ්‍ය කරන්නේ "ඒ සිද්දිය රගපාලා පෙන්නලා " සති ගානක් මාකට් කරන්න නිවුස් එකක් කර ගන්නවා..හැබැයි එහෙම දෙයක් වෙන්න කලින් ස්ත්‍රී දූෂණය පිටුදකින දැන්වීමක් වගේ දෙයක් නම් දාන්නේ නෑ..මොකද ඒ ඇඩ් එක දාන වෙලාවේ ලොකු ගානක් ලැබෙන කමර්ශල් ඇඩ් එකක් දාන්න පුලුවන් නේ...

මෙක එකපාරටම නවත්වන්න බැරිවෙයි..හැබයි අපි පොඩියට හරි කවුරුත් දැනුවත් උනොත් නවත්වන්න පුලුවන් වෙයි..අධ්‍යාපණ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ ලමයින් හොද පිරිසක් බිහිවෙන විදියට..

අතුල අධිකාරී මහතගේ ගීතයකින්ම මෙක නවත්වන්න හිතුවා



විසිරුණු මල් පෙති දෝතට ගත් නැගණී..
ඒ පෙති එක්කර මලක් තනනු නොහැකී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු මල් පෙති මල්ක් නොවේ නැගණී


මල් පෙති විසිරෙන්න කලින් අපි අපිට කල හැකි දෙයක් කරමු.

Friday, December 28, 2012

"SEX" වලින් ලංකාව 1st


හා හා පුරා කියලා ලියන්න මොකක්ද කියලා කල්පනා කලේ..දැන් මේ දවස් වල වැඩිපුරම කතා වෙන්නේ "sex" ගැනනේ,ඒ නිසා ඒ ගැනම ලියන්න හිතුණා.

මේකට හේතුව උනේ ගූගල් එකේ "sex කියන වචනය සර්ච් කරපු රටවල් වලින් පළමු තැන ලංකාවට ලැබුන එක..දෙවැනි තැන ඉන්දියාවට..

මොකක් හරි එකකින් 1st උනාම සතුටු උනාට මේකට සතුටු වෙන්න පුලුවන්ද? මේක ගැන මට හිතෙන දේ ලියන්න  හිතුනා...

සාමාන්‍යයෙන් කොල්ලෙක් කෙල්ලෙක් ටිකක් ලොකු වෙනකොට මේ මොකක්ද  "sex"  කියන්නේ කියලා දැනගන්න ආසවෙනවා..කවුරුවත් එලිපිට ඕක ගැන කතා කරන්නෙත් නෑනේ..ඉතින් පොඩි එකා බලනවා මේ මොකක්ද කවුරුත් හංගන දේ කියලා..ඔය පොඩි එකා අම්මලගෙන් අහුවා කියමුකෝ මෙ මොකක්ද
කියලා..අම්මලත් ලැජ්ජාවට පච ටිකක් කියලා ශේප් වෙන්වා..දැන් පොඩි එකාට තවත් අවුල්..

අද කාලේ පරිගණක,අන්තර්ජාල භාවිතා කරන්නේ නැති කෙනෙක් නෑනේ..ඉතින් අර කුතුහලය නිසා ඕක ගූගල් එකේ ගහලා බලනවා...ඕකනේ වැඩිපුරම වෙන්නේ..
තවත් හේතුවක් තමයි ගොඩක් අය "sex" කියන්නෙත් "porn" කියන්නෙත් එකෙක් කියල හිතන් ඉන්නෙ...එහෙම උනාම සර්ච් කරන්නෙ "sex" කියලා ගහලා...

ලෝකේ ලංකාවට වඩා ලොකු,මීට වඩා අන්තර්ජාල භාවිතා කරන රටවල් තියෙද්දි අපි එක උනේ කොහොමද? අනිත් රට වල උන් ගූගල් නැතුව වෙන එකක සර්ච් කරනව වත්ද?

ඇමරිකාව,යුරෝපා රටවල් වල තියෙන්නේ ලංකාවේ තියෙන සංස්කෘතිය නෙමෙයිනේ..ඒවයි ඉන්න අයට වෙනම ගූගල් එකේ සර්ච් කරන්න දෙයක් නෑ..පාරකට බැස්සම පේනවා..අපේ රටක කවුරුහරි නිරුවතින් පාරේ ගියොත් මහ ලොකු දෙයක්,,ඒ රට වල එහෙම නෑ..ඉතින් එහෙ ඉන්න උන්ට ඔහොම පොටෝ එකක් බලන්න ගූගල් ගහන්න ඕනේ නෑනේ..ඔන්න ඕක තමා එක හේතුවක්

අනික ලංකාවේ ළමයින්ට හරියට ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නෙත් නෑනේ..පොඩි පන්තිවල ඔහොම එකක් උගන්වන්න පාඩමත් තිබ්බත් ඒක හරියට උගන්වන්නේ නෑ..උගන්නවන්න ගෑණු ගුරුවරයෙක් නම්
කොහෙත්ම උගන්වන්නේ නෑ (මිස්ගේ හිරිඔතප් බිදෙනවා අතිනේ)
ඔය විදියට බලන කොට 1st වෙච්ච එක පුදුමයක් නෙමේ..

මේකන් හරි එක වෙන්න මාත් සෑහෙන දායකත්වයක් දීලා තියෙනවා..
ඔය මට හිතුන ඒවා..තව එකතු වෙන්න ඕනේ ඒවා comment කරන්න..

Thursday, December 27, 2012

ඔන්න මම අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා..
දැන් කට්ටිය බලනවා ඇති මේකේ දාන්නේ මොනවද කියලා...
එහෙම එකක් කියලා නෑ.මට හොදයි කියලා හිතෙන ඒවා දානවා..

වැඩිය කතා ඕනේ නෑ.. post දැම්මම  කාටත් බලන්න පුලුවන්නේ සිරාගෙ වැඩ ඇත්තටම සිරාද කියලා..